Monday, March 24, 2014

අවසන මට ඉතිරි වූයේ කදුලු නොව සිනහමැයි..


අවසන මට ඉතිරි වූයේ
කදුලු නොව සිනහමැයි..
තුන් කල් බලා බැදුනු ප්‍රේමය
පියපත් ලබා ඉගිලුනා වුව
නොහිතු මොහොතක..නොපැතු විලසට
චපල සිත උරුම
මට නොවේ නුබටය
පසුතැවිලි ඉතිරි මට නොවේ නුබටය
මහා කෙත් යායක
වපුරා සාර බිජුවට
අල්ලක් තරම්වත් අස්වනු ලබන්නට
පිනක් නැති වුව
සොරාගත් වුන් හට
වෛරසිතින් නොබැදුනු
නිසන්සල සිතක
අයිතිකාරිය මමය..
ලෝබ සිතින් තොරව
දෝත පුරවා දුන්
සෙනෙ නදියේ
නිමල සුවය විදිනට
පිනක් නැති වුයේ නුබටය
එබැවින්,
මට ඉතිරි වුයේ කදුලු නොව
සිනහමැයි...අවසන...



රන්ජුලා දිල්ශානී- ජූලි 21 2013


තව කොතෙක් ඉවසම්ද..??


අහස කලුවර වෙලා හොදටෝම. රිදී පාට අතු අතු වගේ විහිදෙන අකුණු ලස්සනට තැනින් තැන මතුවෙනවා. හුළගත් එක්ක හීන් සීතලක්...ඇහි පිල්ලමක් නොගහ ම අහස ඩිහිහා බලන් ඉන්න හිතෙනවා. තව ටිකකින් ලොකු ලොකු වැහි බින්දු එක එක විදිහෙන් හදිස්සියෙන් ඇදවැටෙවි. හැමදාම මේ වැස්ස..ඉවරයක් නෑ.. අහසට මොනව වෙලාද මන්දා..පොළොව ඉරිතැලිල ගස්වල කොළ වේලිලා කාෂ්ඨක අව්ව තියෙද්දිත් මිනිස්සු ඔය විදියටම අහසට බැන්නා මතකයි.මොන දේ කලත් ඇති හොදක් නෑ. මට තනියම අම්ගේඅ හිත එක්ක හිනා යනවා..මගේ හිතත් හරියට අහස වගේමයි. මොනදේ උනත් අහස ඉවසගෙන ඉන්නවා. තරහ ගියා කියලා කවදාවත් අහස මිනිස්සුන්ගෙ ඔලුවට කඩන් පාත් වෙන්නෙ නෑ.

ඉවසීම..ලෝකෙ තියන පුදුම වචන වලින් එකක්.. තව කෙනෙක්ගෙ ඉවසීම බලන්න මිනිස්සු ගොඩක් වෙලාවට අනිත් කෙනාගෙ හිත රිද්දනව ඇති. එහෙම හිතලා හිත ඉවන්න පුරුදු වෙනවා. රිදෙන හිතෙ ආදරණීය හැගීමක් මතක් කරගෙන ආයෙමත් ඉවසීම තියාගන්නවා. දුක.. වේදනාව මේ හැමදේම වචන වලින් පිට කරන්න බැරි විදියට හිත ඉවසන්න පුරුදු වෙනවා. රිදුනු හිත එක්ක තනිවෙලා හිත රිදුනු හැමදේටම සමාව දෙන්න හිත පුරුදු වෙනවා. හැමදාම හිත රිදෙනවා. හැමදාම සමාව දෙනවා. ඒ ඉවසීම ඇතුලේ තියෙන්නෙ ආදරයද, මනුස්සකමද කියලා වෙලාවකට හිතෙනවා. මේ හැමදෙම ඇතුලෙ ඉවසීම තියනවා.

ඉවසීම නිවට කමක්...සමහර අය දකින විදිය එහෙමයි. ඒත් ඉවසීම කියන්නෙ හිතට ලොකු භාවනාවක්.. හිත රිදුනු හැම වෙලේම ජීවත් වෙන්න මගක් කියපු ඉවසීමට හැමදාමත් මම ගරු කරනවා. මේ ඉවසීමත් එක්ක හිනාවෙන්න ලස්සන දවසක් ඒවි. ඒ දවස වෙනකල් කොච්චර නම් ඉවසන්න වෙයිද කියලා හිත දන්නෙත් නැ. මම දන්නෙත් නැ.සමහරවිට එහෙම දවසක් එන එකකුත් නැ.

පහනක්ව නොදැල්වෙන ජීවිතේ..
හිමගිරක සීතලෙන් ගැහෙනවිට..
කියන් මට..
තව කොතෙක් ඉවසම්ද ? 



රන්ජුලා දිල්ශානී- ජූලි 20 2013 

ජීවිතය මහා පුදුමයි.. ඇත්තමයි..

" මම මේ ලියන්නෙ ජීවිතයද, ආදරයද, විරහවද,සතුටද, තනිකමද,කියලා කියන්න මට හරියට තේරුමක් නැහැ. හිතට එන සිතුවිලි ඔහේ ගලාගෙන ඇවිත් තේරුමක් නැතුව මැරිලා යන්වට වඩා මෙහෙම ලියවෙන එක අනිත් අය කොහොම තේරුම් ගනිවිද මන්දා. මොන දේ ලියවුනත් ඒ හැමදේකම තියෙන්නෙ දුක සතුට මැද්දෙ ගලා ගෙන යන ජීවිතයම තමයි කියලා වෙලාවකට හිතෙනව. හිතේ සිතුවිලි ලියන්න පටන් ගන්නෙ කොතනින්ද ? ආයෙමත් හිත නවතිනවා. අරමුනක් හොයන්න හ්ටිහ එහෙ මෙහෙ දුවනවා. අරමුනක් නැති ජීවිතයක සිතුවිලි වලට අරමුනක් ??? හිත මට හිනාවෙනවා. ආදරනීය අරමුනු හිත ඇතුලෙ නැතුවම නෙමෙයි. හරිම සුන්දර විදියට ඒ අරමුනු එක්ක ජීවත් වෙන්න ලෝබ හිතෙනවා. බලාපොරොත්තු මහා ගොඩාක් තියන් ආදරනීය විදියට හීන ගොඩක් හිත ඇතුලෙ ගොඩ ගැහෙනවා. මම හිනාවෙනවා. සතු‍ටුවෙනවා " 

"හද බැහැල ගිහින් අලුත් දවසක් ඇවිල්ලා. ආයෙම්ත් හීනෙන් වගේ පාවෙලා එන වචන ටික හදවතේ පතුලටම වදිනවා. " ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි" ආයෙමත් හිත අඩනවා. ඒත් ඇස් හිනවෙනවා. අඩන හිත හැමොගෙන්ම හැන්ගෙනවා. හිත කිය්න්න කෙනෙක් හොයනවා. හැමොගෙම හිතෙ ටොන් ගානට දුක් පිරිලා. ඒ හැම දෙයක්ම මම කල්පනාවෙන් අහගෙන ඉන්නවා. හිත ඇතුලෙ තියන හැම දේම එහෙමම නවතිනවා. වචන හිරවෙනවා. හැමෝම ඉස්සරහ හිත ලස්සනට හිනාවෙනවා. හිනා වෙන හිත එක්ක හැමෝම හිනාවෙනවා. මගෙ හිත සතු‍ටු වෙනවා. ආදරණීය අරමුනක් එක්ක ජීවත් වෙන්න රිදුනු හිත එක්ක මම තනිවෙල රණ්ඩුවෙනවා. මේ හැම දේටම තමා ජීවිතය කියන්නෙ කියලා හිතෙනකොට " ජීවිතය මහා පුදුමයි " කියලා හිතෙනවා."



රන්ජුලා දිල්ශානී- ජූලි 16 2013